27 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅණ නොතැකූ යතුරුපැදියකට පොලීසියෙන් වෙඩි

අණ නොතැකූ යතුරුපැදියකට පොලීසියෙන් වෙඩි

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට අයත් බෝලගම, කොටගම හන්දියේදී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලීසියෙන් වෙඩි තබා තිබේ.

වෙඩි තැබීමෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයාගේ වම් අතට සහ වම් පාදයට තුවාල සිදුව ඇති අතර එලෙස තුවාල ලබා ඇත්තේ හිරිවඩුන්න, රඹුක්කන ලිපිනයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලීසිය පවසන්නේ.

අද (14) අලුයම අදාළ සිද්ධිය සිදුව තිබූ අතර තුවාලකරු ප්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.