28.4 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅහසට වෙඩි තබා පිරිසක් බියවැද්දූ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

අහසට වෙඩි තබා පිරිසක් බියවැද්දූ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයකු මෙන්ම සමගි ජන බලවේගයේ හොරණ සංවිධායකවරයකු වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩම නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ එම ඉඩමට අනවසරයෙන් ඇතුළු වී එහි තිබෙන නිවස ඉදිරිපිට රැඳී සිටි පිරිසක් සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම පිරිසෙන් අයකු මන්ත්‍රීවරයාට පොරවකින් පහරදීමට උත්සාහ දැරීමේදී වෙඩි තැබීම සිදු වී ඇති බව දැනගන්නට ඇත.

මන්ත්‍රීවරයා ඔහු සතුව තිබූ ගිනි අවියෙන් අහස දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

සැකකාර හිටපු මන්ත්‍රීවරයා සන්තකේ තිබූ මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවිය සහ සහ ජීව උණ්ඩ තුනක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාර මන්ත්‍රීවරයා සාපරාධී බියගැන්වීමේ චෝදනාව මත හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.