31.7 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔසුසල් 05කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

ඔසුසල් 05කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

වවුනියාවේ ලියාපදිංචි නොකළ ඔසුසල් 05කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ඊයේ (13) පැවැත්වුණු අතර එහිදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු සම්බන්ධයෙන් සමාලෝචනයක් ද සිදු කෙරුණා.

එහිදී ලියාපදිංචි ඖෂධවේදීන් නොමැතිව පෞද්ගලික ඔසුසල්වල ඖෂධ නිකුත් කිරීම පිළිබඳ ගැටලුව සලකා බලා තිබේ.

වවුනියාවේ පෞද්ගලික ඔසුසල් 19ක් ඇති බවත් ඉන් ඔසුසල් 8ක් ලියාපදිංචි කර නොමැති බවත් එහිදී අනාවරණය වී තිබේ.

එම ඔසුසල් ඔන් 05කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවත් අනෙක් ඔසුසල් තුන ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසීය.