30 C
Colombo
Saturday, September 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටොනික් මූඩිවල හෙරොයින් වික්ක ජෝනා අත්අඩංගුවට

ටොනික් මූඩිවල හෙරොයින් වික්ක ජෝනා අත්අඩංගුවට

ටොනික් මූඩි උපයෝගී කරගනිමින් ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් 20ක් සොයාගෙන ඇත.

සැකකරු ගොඩපොර හේන ප්‍රදේශයේම පදිංචි ‘ජෝනා’ නම් අනුවර්ත නාමයෙන් හැඳින්වෙන අයෙකු බවයි පොලිසිය පවසන්නේ. සැකකරු හෙරොයින් ජාවාරමේ නිරත වන බවට වරකාගොඩ පොලීසියේ පොලිස් සැරයන්වරයෙකුට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි සැකකරු ඔහුගේ නිවසේදීම අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු ඉතා සූක්ෂම ලෙස ටොනික් පියන දෙකට නමා ඒ තුළට රුපියල් දෙදහසේ හෙරොයින් මුලක් දමා මාර්ගවල නොයෙක් ස්ථානවල තබමින් ඊසි කෑෂ් ක්‍රමය ඔස්සේ මුදල් ලබාගෙන මෙම ජාවාරම සිදු කර ඇති බවට පොලිසියට අනාවරණය වී තිබේ.