32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතරුණියකට හදි කළ සැරයන් අත්අඩංගුවට

තරුණියකට හදි කළ සැරයන් අත්අඩංගුවට

20 හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් කළ බව කියන පොලිස් සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව රස්නායකපුර පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ගත් සැරයන්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව තාවකාලිකව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට 2021 වසරේ සිට අනුයුක්ත කර සිටි අයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකාර පොලිස් සැරයන් මෙම තරුණියගේ ඥාතියෙකුද වන අතර තරුණිය පමණක් නිවසේ සිටින විට නිවසට ඇතුළු වූ මෙම පොලිස් සැරයන්වරයා ඇයට ලිංගික අතවරයක් සිදු කළ බවයි තරුණිය පොලීසිය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ.

එම පැමිණිල්ලට අනුවයි මෙම සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු සමබන්ධයෙන් විනය පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.