27.8 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිරෝද රිය පෙරළී සිසුන් 09ක් රෝහලට

ත්‍රිරෝද රිය පෙරළී සිසුන් 09ක් රෝහලට

ප්‍රමාණය ඉක්මවා පාසල් ළමයින් රැගෙන ගිය ත්‍රීරෝද රථයක් පෙරළීමෙන් දරුවන් 09 දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය පැවසූවේ යාපනය, උදයපුරම් ප්‍රදේශයේදී අද දහවල් මෙම ත්‍රීරෝද රථය වංගුවක් සහිත ස්ථානයකදී පෙරළී ගොස් ඇති බවයි. කොළොම්පුතුරෙයි හින්දු විද්‍යාලය හා කොළොම්පුතුරෙයි තුරෙයිරාසා විද්‍යාලයේ පාසල් දරුවන් පාසල් අවසන් වී නැවත නිවෙස් වෙත රැගෙන යන අවස්ථාවේ මෙම අනතුර සිදුවී තිබෙනවා.

පොලිසිය පැවසූවේ ප්‍රමාණය ඉක්මවා දරුවන් රැගෙන යන අවස්ථාවේ අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ත්‍රීරෝද රථ රියදුරුද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර රෝහල්ගත කළ පාසල් දරුවන්ගේ තත්වය බරපතල නොවන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.