27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ රතු නිවේදන

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ රතු නිවේදන

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑම් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ද නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, අයගම, කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සඳහා නිකුත් කළ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.