27.2 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාස්කු සිදුවීම පිටුපස සිටි අය එකිනෙකා පාවා දෙන දවස ළඟයි - කාදිනල්තුමා

පාස්කු සිදුවීම පිටුපස සිටි අය එකිනෙකා පාවා දෙන දවස ළඟයි – කාදිනල්තුමා

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වු සියලු දෙනා ඉතා නුදුරේදී ම එකිනෙකා පවා දෙමින් ඔවුන් තුළින් ම මෙම සත්‍ය එළියට එනු ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි සඳහන් කරයි.

මේ පාපිෂ්ඨ ක්‍රියාවලියට සම්බන්ධවූවන්ට සැඟව සිටීමට නොහැකි බව ද එතුමා අවධාරණය කළේය.

මෙයට සම්බන්ධ සියලු දෙනා ලෝකයාට අනාවරණය වන දිනය උදාවන තුරු සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටින බවත් එදාට මේ දේවස්ථානවල විශාල ස්තුති මංගල්‍යයක් පවත්වන බව ත් එතුමා කීහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැමුන් කතෝලික සභාව රැවටීමට උත්සහ ගන්නා නමුත් කතෝලික සභාව නොව ඔවුන්ට රැවටෙන්නට සිදු වන බවත් පල්ලිවල, හෝටල්වල මිනී මරපු, මිනී මරන්න අනුබල දුන් අය අද සමාජයේ ලොකු තැන්වල සිටින බවත් උන්වහන්සේ පැවසූහ.

සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ 189 වන වාර්ෂික මංගල්‍යය සැමරීම වෙනුවෙන් කොළඹ පිහිටි සාන්ත අන්තෝනි දේවස්ථානයේදී විශේෂ සන්ධ්‍යා මෙහෙයක් සහභාගි වෙමින් උන්වහන්සේ මේ අදහස් ප්‍රකාශ කළහ.

මහ ලොකුවට යුක්තිය ගැන නීතිය ගැන කතා කරන ඇමතිවරුන් නීති ගෙනත් මිනිසුන්ගේ කටවල් වසා දමමින් හිරගෙවල්වල දමන්නට විවිධ නීති සම්මත කරගන්නා බව ද උන්වහන්සේ පැවසූහ.