30 C
Colombo
Monday, March 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalපුරාවිද්‍යාව වාර්ගික පදනම් වලින් ගෙන දේශපාලනය කරන්න එපා - අකිල

පුරාවිද්‍යාව වාර්ගික පදනම් වලින් ගෙන දේශපාලනය කරන්න එපා – අකිල

පුරාවිද්‍යාව වාර්ගික පදනම් වලින් ගෙන දේශපාලනය කිරීමෙන් වලකින්නැයි බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතු තැනකට පැමිණ තිබෙන බව කී කාරියවසම් මහතා මුලතිව් කුරුන්දි විහාරය පිළිබඳව පැන නැගී ඇති ප්‍රශ්නයේදී අදාල පුරාවිද්‍යා ප්‍රදේශයට ඉඩ දී  ඊට ඔබ්බෙන් තිබෙන ප්‍රදේශය ජන ජීවිතය සඳහා සාමාන්‍ය පරිදි ලබා දිය යුතු බව දැනට පවතින අදහස බව ඔහු පැවසීය.

ජනාධිපතිවරයා පුරාවිද්‍යා භූමි සම්බන්ධව කළ ප්‍රකාශය මුල්කරගෙන ආගම පටු අරමුණින් දේශපාලනයට යොදා ගන්නා විවිධ පුද්ගලයන් ප්‍රකාශ  නිකුත් කරන්නට පටන්ගෙන තිබෙන බව කී කාරියවසම් මහතා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන ගමන් ජන ජීවිතය ද කළමනාකරණය කරගත යුතු බව සඳහන් කළේය.