26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබින් එකට දමා නැවත ගත් ලංසුව සදීරට වාසනාව ගෙනෙයි

බින් එකට දමා නැවත ගත් ලංසුව සදීරට වාසනාව ගෙනෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී අද (14) කිසිවෙක් බලාපොරොත්තු නොවූ සිද්ධියක් සිදුවිය.

එය සදීර සමරවික්‍රමට වාසනාව ගෙන ආ මොහොතක් විය.ඔහුගේ ආරම්භක ලංසුව වූයේ 20,000කි.

නමුත් කිසිවෙකු ඔහු ගැන එතරම් සැලකිලිමත් වන බවක් පෙනෙන්නට නොවූ බැවින් ක්‍රීඩක වෙන්දේසිය සිදුකළ චාරු ෂර්මා විසින් සදීරගේ නම සඳහන් කාඩ්පත බින් එකට දැමීය.

ඒත් සමඟම දඹුල්ල පිල සදීර වෙනුවෙන් ලංසුවක් තැබීය.අනතුරුව ඔහු වෙනුවෙන් දඹුල්ල සහ කැන්ඩි කණ්ඩායම් අතර ඇතිවූයේ දැඩි තරගයකි.

කෙසේ හෝ සදීර ව හිමිකර ගැනීමට දඹුල්ල සමත්විය.ඒ වනවිට සදීර ගේ වටිනාකම අමෙරිකානු ඩොලර් 68,000කි.