26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොවුන් දුටුවාද? - පොලීසිය මහජන සහය පතයි

මොවුන් දුටුවාද? – පොලීසිය මහජන සහය පතයි

බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුලු වී දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

සැකකරුවන් දෙදෙනා පසුගිය 12 වැනිදා ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට දිවා කාලයේ ඇතුළු වී එහි සිටි මෙහෙකාරිය බිය ගන්වා නිවසේ තිබූ රුපියල් 10,707,800ක් පමණ වටිනා දේශීය, විදේශීය මුදල් සහ රන් භාණ්ඩ සහිත කුඩා ප්‍රමාණයේ සෙප්පුවක් කොල්ල කා පළාගොස් තිබුණා.

ඒ සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුවයි විමර්ශන ආරම්භ වී ඇත්තේ. මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාගේ ඡායාරූප සහ පොලිසිය විසින් මාධ්‍ය වෙත යොමුකර තිබෙනවා.

ඔවුන් දෙදෙනා කොල්ල කන ලද සේප්පුව රැගෙන යන ආකාරය ද සීසීටීවී දර්ශනවල සටහන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මොවුන් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත 071 8591646 අංකයෙන් හෝ 011 2150769 අංකයෙන් බොරලැස්ගමුව පොලිසිය වෙත දැනුම්දිය හැකියි.