32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරනිල්ව ජනපති කරන්න සහය දුන්නේ ආවට ගියාට නෙවෙයි

රනිල්ව ජනපති කරන්න සහය දුන්නේ ආවට ගියාට නෙවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර කිසිම ගැටුමක් නොමැති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වනවිට ගෙන ඇති බවත් ජනපති සහ පොහොට්ටුව අතර ගැටුමක් තිබෙන බවට උලුප්පා පෙන්වන්නට සමහරුන් උත්සාහ ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ලබා දුන්නේ ඔහුගේ පලපුරුද්ද අභියෝගවලට මුහුණදීමේ හැකියාව ගැන හොඳින් සොයා බැලීමෙන් පසුව මිස ආවට ගියාට නොවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අනුව මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු ඇතැයි ජනතාවගේ දැඩි විශ්වාසයක් පවතින බවද ප්‍රසන්න රණතුංග අවධාරණය කළේය.