26.1 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරියදුරු බලපත්‍ර ලක්‍ෂ 08ක් පෞද්ගලික අංශයට

රියදුරු බලපත්‍ර ලක්‍ෂ 08ක් පෞද්ගලික අංශයට

රියදුරු බලපත්‍ර කාඩ් ලක්‍ෂ 8ක් පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා මෙම තීරණය ගත් බවයි කොමසාරිස්වරයා සඳහන් කළේ.

එම රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී ඇති බවත් නව යන්ත්‍ර මිලදී ගැනීමට රුපියල් කෝටි 20 ක් පමණ වියදම් දැරීමට නොහැකි වීමද මීට තවත් හේතුවකි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය භාරව සිටින සමාගමෙන් කාඩ් පත් මුද්‍රණ යන්ත්‍ර ලබාගෙන කාඩ් පතක් සඳහා රුපියල් 150 ක පමණ මුදලක් ගෙවීමේ එකඟතාව මත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවයි ඔහු අවධාරණය කළේ.