― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදෙස් රැකියා සිහින මවා මුදල් ගැරූ යුවළක් අත්අඩංගුවට

විදෙස් රැකියා සිහින මවා මුදල් ගැරූ යුවළක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාව කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

රඹුක්කන පොලිසියට මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව මෙම විමර්ශන අරඹා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙසයි සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඊයේ (13) රාත්‍රියේ කෑගල්ල ප්‍රදේශයේදී මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ දහවල් වනවිටත් පොලිසියට කට්ටි පනිමින් සිටියදී මුදල් වංචාවට හසු වූ පිරිස විසින් මෙම යුවළ අල්ලා ගෙන පොලිසියට භාරදී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම පුද්ගලයා සහ කාන්තාව 27 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන් රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ. සැකකරුවන් මීට පෙර ද ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක මෙවැනි මූල්‍ය වංචා සිදුකර ඇති බව හෙළි වී තිබේ.

මෙම අඹුසැමි යුවළට එරෙහිව පුද්ගලයන් 46 දෙනෙකු පැමිණිලි කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙම යුවළගේ වංචාවට ලක්වූ පුද්ගලයන් සිටී නම් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.

සැකකාර යුවළ අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.