31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහෙට සිට යූරියා පොහොර මිල පහළට

හෙට සිට යූරියා පොහොර මිල පහළට

හෙට (15) සිට යූරියා පොහොර මිල රුපියල් 9000 දක්වා අඩු කළ යුතු බැවින් මිල කමිටුව රැස්වී වහාම තීරණයක් ගත යුතු බවට කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

යූරියා පොහොර සම්බන්ධව වෙළෙඳපොළ මිල සැලකිල්ලට ගනිමින් මිල අඩු කිරීමට ඒ සඳහා පත් කළ මිල කමිටුව විසින් තීරණය කළ යුතු බවයි එහිදී අමාත්‍ය මණ්ඩල නිර්දේශ කර ඇත්තේ.

ඒ අනුව දැනට වෙළෙඳපොළෙහි රුපියල් 10,000කට අලෙවි වන යූරියා පොහොර මිටියක් හෙට (15) සිට රුපියල් 9000ක් දක්වා අඩු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.