― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅවුරුදු 11ක දැරියකට හදි කළ සුළු පියාට සිර දඬුවම්

අවුරුදු 11ක දැරියකට හදි කළ සුළු පියාට සිර දඬුවම්

වයස අවුරුදු 11 දැරියකට ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සැකකරුවෙකුට වසර 15ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසිනුයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

මෙලෙස දඬුවම් නියම වූයේ ඉංගිරිය ශාන්ත පීතර ජනපදයේ පදිංචි 50 හැවිරිදි අයෙකුටයි.

සිර දඬුවමට අමතරව රුපියල් 5000ක දඩයක් නියම කල මහාධිකරණ විනිසුරුවරයා එකී දඩමුදල නොගෙවන්නේ නම් චූදිතට තවත් මාසයක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කරනු ලැබුවා.

විත්තිකරු 2007 වසරේ ජුනි මස 01 හෝ ඊට ආසන්න දිනක සිය බිරිඳගේ පළමු කසාදයේ දියණිය දූෂණයක් කිරීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධ්කරණයේ මූලික සාක්කි ගොනුකිරීමෙන් පසු නීති පතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

සැකකරු මෙලෙස දූෂණය කර ඇත්තේ තම බිරිඳගේ පෙර කසාදයේ දියණියක බවත්, පිය සෙනෙහස ලැබිය යුතු දැරියක දූෂණය කර ඇති බවින් සමාජයට පණිවුඩයක් ගෙනදෙන ආකාරයේ උපරිම දඬුවමක් නියම කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටී රජයේ අධිනීතිඥ අකලංක බාලපටබැඳි මහතා මහාධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරුට ලිහිල් දඬුවමක් දඩුවමක් නියම කරන ලෙසටයි විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥ උදාර පෙරේරා මහතා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ.