― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදරුවකුගේ සිහිනය සැබෑ කරගන්න ගිය කතට ආයුර්වේද වෛද්‍යවරයාගෙන් අතවර

දරුවකුගේ සිහිනය සැබෑ කරගන්න ගිය කතට ආයුර්වේද වෛද්‍යවරයාගෙන් අතවර

දරුවකු බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගිය 42 හැවිරිදි විවාහක කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන 57 හැවිරිදි ආයුර්වේද වෛද්‍යවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විවාහ වූ කාලයේ සිට දරුඵල නොමැති බැවින් අතවරයට පත් මෙම කාන්තාව තම සැමියා සමඟ බියගම සියඹලාපේ ප්‍රදේශයේ සැකකාර ආයුර්වේද වෛද්‍යවරයා හමුවට ප්‍රතිකාර ගැනීමට ගොස් තිබූ බව සඳහන්.

අවස්ථා 4කදී මෙම කාන්තාව සැමියා සමඟ ආයුර්වේද වෛද්‍යවරයා හමුවට ගොස් තිබූ අතර එහිදී සැකයක් උපදවන කිසිදු කරුණක් සිදු නොවූ බවින් ඇය පසුගිය 12 වනදා තනිවම වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බවටයි එම කාන්තාව පොලිසියට සිදු කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.

නිවසට පැමිණි කාන්තාව ඒ බව සැමියාට දැනුම් දීමෙන් අනතුරුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් එම වෛද්‍ය මධ්‍යස්ථානයක් කරා පිටත්ව ගොස් තිබුණා.

එහෙත් සැකකරු ඒ වන විටත් ප්‍රදේශය හැර පළා ගොස් තිබූ බව සඳහන්.

අනතුරුව සැකකරු අද දිනයේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා 57 හැවිරිදි තිදරු පියෙක්. ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.