24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්ධනාගාරයේ සිටි පුතාට මත්කුඩු ගෙනා මව අත්අඩංගුවට

බන්ධනාගාරයේ සිටි පුතාට මත්කුඩු ගෙනා මව අත්අඩංගුවට

කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රැඳවියෙකුට මත්කුඩු ලබාදීමට රැගෙන පැමිණි කාන්තාවක අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.

බන්ධනාගාරයේ රඳවා සිටින සැකකාරියගේ පුත්‍රයා බැලීම සදහා සැකකාරිය කොට කලිසමක් රැගෙන පැමිණ ඇති බවත්, බන්ධනාගාර නිළධාරින්ට සැක සිතී පරීක්ෂා කිරීමේදී එහි වාටියේ කඩදාසියක බහා සගවා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගෙන ඇති කළුතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාව කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.