31.7 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරියදුරු බලපත්‍ර මුද්‍රණය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

රියදුරු බලපත්‍ර මුද්‍රණය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ වගකීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඉවත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබෙනවා.

දැනට රියැදුරු බලපත්‍ර ලක්ෂ අටක් පමණ මුද්‍රණය කිරීම සඳහා ගොඩගැසී තිබීමත්, ප්‍රමාණවත් මුද්‍රණ යන්ත්‍ර නොතිබීමත් මත මෙම වගකීම පුද්ගලික සමාගමකට පැවරීමට කැබිනට් මණ්ඩලයේ අවසරය ලැබී ඇති බවයි පැවසෙන්නේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ නිර්දේශය මත ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන විසින් අදාළ කැබිනට් පත්‍රය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.

මේ අනුව දැනට ගොඩගැසී ඇති ලක්ෂ අටක රිය බලපත්‍ර මාස තුනක් ඇතුළත මුද්‍රණය කර අයිතිකරුවන් වෙත බාරදීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.