29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිම සේවකයෝ විරෝධතාවකට සැරසෙයි

ලංවිම සේවකයෝ විරෝධතාවකට සැරසෙයි

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම සඳහා විදේශීය සමාගම්වලට විකිණීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව රට පුරා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (14) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තුවට නව නීති ගෙනැවිත් විදුලිබල මණ්ඩලය පෞද්ගලික විදේශීය සමාගම්වලට විකිණීමට රජය මේ වන විටත් සියලු සැලසුම් සකස් කර ඇතැයි විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවසීය.