22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්

ලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්

ලුණුගම්වෙහෙර – ස්ප්‍රිල්යාය කැලෑබද ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි වයස අවුරුදු 49ක එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති බවට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේනමුත් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයාට වෙඩි වැදී නොමැති අතර යතුරුපැදියේ පැති කණ්ණාඩියට වෙඩි වැදීමෙන් හානි සිදුව තිබේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මුහුණු ආවරණය කරගෙන සැඟව සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවයි.