22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්

ලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්

ලුණුගම්වෙහෙර – ස්ප්‍රිල්යාය කැලෑබද ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි වයස අවුරුදු 49ක එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති බවට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේනමුත් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයාට වෙඩි වැදී නොමැති අතර යතුරුපැදියේ පැති කණ්ණාඩියට වෙඩි වැදීමෙන් හානි සිදුව තිබේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මුහුණු ආවරණය කරගෙන සැඟව සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවයි.