― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවැඩකරන දින ගණනත් වෙනස් වන ලකුණු

වැඩකරන දින ගණනත් වෙනස් වන ලකුණු

පවතින කම්කරු නීතියේ අඩුපාඩු සංශෝධනය කරමින් සකස් කරන නව කම්කරු නීති පනත් කෙටුම්පත කඩිනමින් කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

නව පනත මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන නීති පිළිබඳව කම්කරු අමාත්‍යාංශයේ දී පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එම පනත් කෙටුම්පත සඳහා මේ වන විට යෝජනාවලියක් සකස් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

සේවයට බඳවා ගැනීමේ දී හෝ සේවා ස්ථානය තුළ සේවකයෙක් වෙනස් කොට සැලකීම වැළැක්වීමට නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදෙනවා. පරිපාලක සභා ආඥා පනතේ සාප්පු හා කාර්යාල පනතේ සේවා තත්ත්වයන් හා කොන්දේසි පිළිබඳව සඳහන් විදිවිධාන අතර ඇති විෂමතාවයන් ඉවත්කර සෑම සේවකයෙක්ටම සමාන ආකාරයේ විදිවිධාන ඇති කරනවා. රැකියා ස්ථානයේ සියලු හිංසාකිරීම් හා ලිංගික හිංසනය ඇති කිරීමට අදාළ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දෙනවා. එතකොට සේවකයින්ගේ කැමැත්ත අනුව දින 5ක සතියක් හා නම්‍යශීලි වැඩකරන වේලාවක් හඳුන්වා දෙනවා. පාට් ටයිම් රැකියාවල නිරතවීම සඳහා අදාළ නීතිමය ප්‍රතිපාදන හදලා දෙනවා. යම් කොන්දේසිවලට යටත්ව කාන්තා සේවිකාවන් රාත්‍රී සේවයේ යෙදවීම සඳහා දැනට පවතින නීතියේ සඳහන් නෛතික ප්‍රතිපාදන ලිහිල් කරනවා. පීතෘ නිවාඩු සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන ඇති කරනවා. මේ හදපු සටහන පදනම් කරගෙන සකස් කරන කම්කරු නීති ආකෘතිය ඉතා ඉක්මනින් කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කරලා එතැනින් පස්සේ කැබිනට් මණ්ඩලයට යනවා. ඒ අතරවාරයේ දී අදහස් චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ උසාවියට යනවා. පාර්ලිමේන්තුවට ගියාම මේක පනත බවට පත්වෙනවා.