― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවිභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ක්‍රමානුකූලව වෙනස් කරනවා - අධ්‍යාපන ඇමති

විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ක්‍රමානුකූලව වෙනස් කරනවා – අධ්‍යාපන ඇමති

විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ක්‍රමානුකූලව වෙනස් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කටුනායක පිහිටි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අතරතුර දී ය

දියුණු වී ඇති සෑම රටක් ම ඉදිරියට ගොස් ඇත්තේ නවෝත්පාදන සමග බවත් ඒ අනුව යටපත් ව ඇති දේශීය දැනුම, තාක්ෂණය, පර්යේෂණය හා ආවේණික ස්වාභාවික සම්පත් මුසු කරගනිමින් පරිසර හිතකාමී නවෝත්පාදන නව ලොවට උචිත පරිදි බිහි කර රටේ අනාගතය ගොඩනැංවීමට සියලු දෙනා කැප විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදි පැවසීය

එහි දී අධ්‍යාපන ක්ෂේත්‍රයට වැඩි වගකීමක් පැවරෙන අතර එයිනුත් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය වැනි නිපුණතා ආයතනවලට පුරෝගාමී කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙරට නවෝත්පාදනවල නව පර්යේෂණවල ප්‍රතිඵල හිමි කරගන්නේ වෙනත් රටවල් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ මානව සම්පත්වල ප්‍රයෝජනය මව් රටට ලබාගැනීමට මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බව පැවසී ය. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් විතැන්ව වඩාත් ප්‍රායෝගිකත්වයට නැඹුරු වෘත්තීයාභිමුඛ අධ්‍යාපන ක්‍රමයක් වෙත ගමන් කිරීමේ පරිවර්තනීය අධ්‍යාපනයක අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.