26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමෘද්ධිය අහිමි වූවන්ට අභියාචනා සඳහා අවස්ථාවක්

සමෘද්ධිය අහිමි වූවන්ට අභියාචනා සඳහා අවස්ථාවක්

සමෘද්ධි සහනාධාර අහිමි වූ ප්‍රතිලාභීන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.

සුබසාධන ගෙවීම් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුමට සෘජුවම තැන්පත් කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දෙන බවයි ඔහු එහිදී සඳහන් කළේ.

ප්‍රතිලාභීන් සදාකාලිකව දිළිඳු බවට පත් නොකර ඔවුන්ට ප්‍රතිලාභ සැලසෙන වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව සාගල රත්නායක ප්‍රකාශ කළේය.

නව සුබසාධන යෝජනා ක්‍රමය එළඹෙන වසරේ පළමු දිනයේදී ආරම්භ කරන බවද සාගල රත්නායක පැවසීය.