26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාපෙළ අවසන් කර අකුරු උගත් පාසල විනාශ කළ සිසුන්ට පාඩමක්

සාපෙළ අවසන් කර අකුරු උගත් පාසල විනාශ කළ සිසුන්ට පාඩමක්

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී පාසලේ දේපළවලට හානි කළ සිසුන් ඒවා අලුත්වැඩියා කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙලෙස දේපළවලට අලාභ හානි කර තිබූ අතර අද ඔවුන් පාසලට කැඳවා දැඩි ලෙස අවවාද කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විභාගයේ අවසන් දිනයේදී මෙම සිසුන් පාසලේ විදුලි පංකාවලට පාසලේ බිත්තිවලට මෙන්ම තාප්පයට හානි කර තිබුණා.

එම සිසුන් අදාළ හාන සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධ කර තිබූ බව සඳහන්.

විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ පොලිසිය විසින් සැකකාර සිසුන් හඳුනාගෙන පාසලට කැඳවා දැඩි ලෙෂ අවවාද කර තිබෙනවා.

අලාභ හානි වූ සියල්ල ප්‍රතිසංස්කරණය කරන ලෙසට ද ඔවුන්ට නියෝග කෙරුණා.

ඒ අනුව එම සිසුන් විදුලි පංකා අලුත්වැඩියා කර තාප්පවල ලියා තිබූ අසැබි වදන් ඉවත් කර තීන්ත ආලේප කර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.