29.5 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිසුවියකට තර්ජනය කළ 23 සෙබළා අත්අඩංගුවට

සිසුවියකට තර්ජනය කළ 23 සෙබළා අත්අඩංගුවට

17 හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන බවට තර්ජනය කළ යුධ හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පාසල් සිසුවිය විසින් ඒ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර කටුගස්තොට පොලීසිය විසින් ඒ බව සැකකාර යුද හමුදා සොල්දාදුවා සේවය කරන මින්නේරිය යුද හමුදා කදවුරේ තුන්වන ඉංජිනේරු සේවා මූලස්ථානයට දැනුම් දී තිබේ.

එහි නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සැකකාර යුධ හමුදා සොල්දාදුවා කටුගස්තොට පොලීසියට බාර දී ඇති බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට පත් යුධ හමුදා සෙබළා 23 හැවිරිදි වියේ පසුවන අනුරාධපුර පුරුන්දන්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.