32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅධ්‍යාපනයත් ඩිජිටල්කරණය කරනවා - සුසිල්

අධ්‍යාපනයත් ඩිජිටල්කරණය කරනවා – සුසිල්

රජය විසින් ක්‍රියාවට නංවා ඇති රාජ්‍ය හා සෙසු සේවා ඩිජිටල්කරණය කිරිමේ වැඩපිළිවෙළට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් කොටස ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකසා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

විද්‍යා පීඨ ගුරුපත්වීම් ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (16) පැවති ප්‍රධාන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී විද්‍යා පීඨ ශික්ෂණ ඩිප්ලෝමාව සිව්වසරක් දක්වා දීර්ඝ කර උපාධි පාඨමාලාවක් දක්වා සංවර්ධනය කරන බවයි.

දැනට ඩිප්ලෝමාව සම්පූර්ණ කළ ගුරුවරුන්ට එය උපාධියක් දක්වා වර්ධනය කරගැනීමේ අවස්ථාව සලසා දෙන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා. බස්නාහිර පළාත් හා ජාතික පාසල්වලට අදාළ ගුරු පත්වීම් 2,355ක් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයාගේ හා අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ඉතිරි විද්‍යාපීඨ පත්වීම් ප්‍රදානය කිරීම ද ඊට සමගාමීව අනෙකුත් පළාත් පළාත් 08 තුළ සිදු කෙරුණා.

ඒ අනුව විද්‍යාපීඨ 19ක පුහුණුව ලද ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 7,342ක් සඳහා ගුරු පත්වීම් ලබාගත්තා. පාසල්වල පවතින ගුරු හිඟය මගහැරවීම සඳහා කඩිනමින් මෙම පත්වීම් ලබාදීමට කැප වී ක්‍රියා කළ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළ කර සිටියා.