22.8 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 27 වැනිදා සිට

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 27 වැනිදා සිට

අපොස උසස් පෙළ විභාගයේ (2023) ලිඛිත පරීක්ෂණයට පෙනී සිටි අයදුම්කරුවන්ට සෞන්දර්ය සහ තාක්‍ෂණවේදය විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව දේශීය නැටුම්, භරත නැටුම් සහ පෙරදිග සංගීතය ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි 06 වැනිදා දක්වා පැවැත්වෙනවා. ඉංජිනේරු තාක්‍ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන්නේ ජූලි මස 12 වැනිදා සිට ජූලි මස 21 වැනිදා දක්වායි.

ජෛව පද්ධති තාක්‍ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ ජූලි මස 29 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,