― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඌරුබොක්කේ ගුරුවරිය ඝා+තනයේ පෙම්වතා සියල්ල වමාරයි

ඌරුබොක්කේ ගුරුවරිය ඝා+තනයේ පෙම්වතා සියල්ල වමාරයි

ඌරුබොක්ක, දම්පහළ මහා විද්‍යාලයේ ගුරුවරියකගේ ගෙල කපා ඝාතනය කිරීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් ඇගේ පෙම්වතා සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් ඉදිරියේ පාපොච්චාරණයක් සිදු කර තිබේ.

සැකකරු සිය පෙම්වතිය ඝාතනය කර ගසක් උඩ නැග ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සහ දරා ඇති අතර පසුව පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම මත ඔහු ගසෙන් බැසීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබීය.

මම මේ කිසි ම දෙයකට දුක්වෙන්නේ නැහැ. මම එයාට කරපු දේවල් මමයි දන්නේ. මට ආපු කේන්තියට මම මොනවා කළාද දන්නේ නැහැ සර්. ඕකි ජීවත් වෙලා වැඩක් නැහැ සර්. ඕකි මරන්නම ඕනි… මම එයාට හැම දෙයක්ම දුන්නා. කැම්පස් යන කාලේ බෝඩිමත් හොයලා දුන්නේ මම. රස්සාවට අඳින්න සාරි අරන් දුන්නෙත් මම. අද එයා ඇඳගෙන ආවෙත් මම අරන් දුන්න සාරියක් සර්.”

“එයා මම අරන් දුන්න සාරිය ඇඳගෙන වෙන කොල්ලෙක් එක්ක යනවා මට අහුවුණා. මම කිව්වා එහෙම කරන්න එපා. ඒක නතර කරන්න කියලා. ගෙවල් දෙකෙන්ම අපිට කැමැති වෙලයි හිටියේ… මම ඒ සම්බන්ධය දැනගෙන එයාගේ තාත්තට ගිහින් කිව්ව සර්. තාත්තා මට බත් පිඟානෙන්ම ගැහුවා.”

ඔහු පොලිස් නිලධාරීන් ඉදිරියේ පවසා ඇත්තේ වසර 10කටත් වැඩි කාලයක් ඇය සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය බවයි.

“පස්සේ පස්සේ මෙයා මාත් එක්ක කතා කළේම නැහැ. ෆෝන්වලට ආන්සර් කළේ නැහැ. මට ඇඟේ සුදුකබර ලෙඩේ ඇති වුණා. ඒ නිසා මට හිතුණා ඒකිට මාව එපා වුණා කියලා. මම එයාට හැම දෙයක්ම අරන් දුන්නා. මම හම්බකරලා ගන්න සල්ලිවලින් එයාට සාරි 10ක් විතර අරන් දීලා ඇති. එහෙම කරපු මට, මාව මගඅරින්න හැදුවා.

මම එදා පිහියත් ඉණේ ගහගෙන ආවේ. එදත් මෙයා ඉස්කෝලේ ඇරිලා යනකොට ෆෝන් එකෙන් කතා කර කරයි ආවේ. මට සැක හිතුණා. මම ළඟට ගිහින් ෆෝන් එක ඉල්ලුවා. ඒත් එයා දුන්නේ නැහැ. ඒක බෑග් එකේ දාගත්තා. මට ආව කේන්තිය කියන්න බැහැ සර්. ඒකි ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතුවා.”

සැකකාර පෙම්වතා ඇයට පිහි පහර එල්ල කර ඇත්තේ ඉන්පසුව වන අතර ඇගේ කොණ්ඩෙන් අල්ලා මුල් පිහි පහර ඔහු ඇගේ ගෙලට එල්ල කර ඇත. එම පහරින් ඇයගේ ගෙල ගැඹුරටම කැපී යාමත් සමඟ ඇය බිම ඇදගෙන වැටී තිබේ.

ඉන් අනතුරුව ද ඔහු ඇයට පිහි පහර දෙක තුනක් එල්ල කර ඇති අතර ඔහු එතැනින් පිටව යන්නට මත්තෙන් ඔහු තුළ තිබූ දැඩි කෝපය නිසා ඔහු නැවතත් පැමිණ ඇයට පිහි පහර එල්ල කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත්තේ ඇයට පිහි පහර එල්ල කර ඇත්තේ තවත් මිතුරෙකු සමග මත්පැන් පානය කිරීමෙන් පසුව බවයි.

මාතර සහකාර පොලිස් අධිකාරි (6) ලාල් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ටී. පී. ඩබ්ලිව්. පල්ලියගුරුගේ මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක පතිරත්න ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

#mawbima