26 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඌරෙකු යතුරු පැදියේ ගැටීමෙන් පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

ඌරෙකු යතුරු පැදියේ ගැටීමෙන් පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ වැලිහිද පන්සල අසලදී ඌරෙකු යතුරු පැදියේ ගැටීමෙන් එහි ගමන් කල දෙදෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැලිගම පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අනතුරට ලක්ව ඇති, තෙලිජ්ජවිල හොරගොඩ ප්‍රදේශයේ පදිංචි වයස 75 පමණ වන තිදරු පියෙකු වන නන්දසේන විජේසිංහ මහතා මෙම අනතුරින් බරපතළ තුවාල ලබා වැලිගම වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී (15 ) දින පෙරවරුවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

එනම්, මාළු ගෙන ඒමට ඔහුගේ පුතා වන සුරේෂ් මහතා සමග නන්දසේන විජේසිංහ මහතා හොරගොඩ සිට මිරිස්සට යාමට 15 දින අළුයම ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් ගමන් කොට තිබේ උදැසන 5:30 පමණ වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ වැලිහිඳ පන්සල අසලදී ඌරෙකු යතුරු පැදියේ ගැටීමෙන් නන්දසේන මහතා සහ ඔහුගේ පුත් සුරේෂ් යන අය බරපතළ තුවාල ලබා තිබූ බවත් මෙහිදී ප්‍රදේශවාසීන් විසින් ගිලන් රථයක් (1990 ) ගෙන්වා තුවාලකරුවන් වැලිගම වලාන රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ බවත් මෙහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කල බවට සදහන් වෙි.