25 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෘෂිකර්මය නංවන්න ලෝක බැංකුවෙන් මිලියන 3800ක්

කෘෂිකර්මය නංවන්න ලෝක බැංකුවෙන් මිලියන 3800ක්

මෙරට කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා ඉදිරි වසර 05ක කාලය ඇතුළත රුපියල් මිලියන 3800ක් ලබා දීමට ලෝක බැංකුව කටයුතු කර තිබේ.

ඒ අනුව ඉන් රුපියල් මිලියන 1500ක් පශු සම්පත් අංශයේ සංවර්ධනයට වෙන් කර ඇති අතර එම මුදල් ‘කිරෙන් සපිරි රටක්’ ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇත.

එය 2014 වසරට පසු පශු සම්පත් අංශයේ සංවර්ධනයට වෙන් කළ වැඩිම මුදල් ප්‍රමාණය වන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව කෘෂි මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් ද වෙන් කර ඇති අතර ඒ යටතේ ප්‍රතිසංස්කරණය නොකරන ලද ග්‍රාමීය අංශයේ කෘෂිකාර්මික මාර්ග අලුත්වැඩියා කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.