― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොළඹ ද සොයිසා රෝහලේ දුර්ලභ දරු උපතක්

කොළඹ ද සොයිසා රෝහලේ දුර්ලභ දරු උපතක්

කලලය ගර්භාෂයෙන් පිට වඩවැල්වලට අලුනු වැදෑමහක පිහිටා තිබූ ඉතා සංකීර්ණ කලලයක් සහිත මවක් කොළඹ ද සොයිසා රෝහලේ අද (16) සාර්ථක සිසේරියන් සැත්කමකින් බිළිදියක් බිහිකළාය.

කින්නියා ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවක් මෙසේ බිළිදිය බිහිකළ අතර මව සහ බිළිදිය ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව ද සොයිසා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මොහොමඩ් රිෂාඩ් මහතා පැවසීය.

මෙය දුර්ලභ ඝණයේ දරු උපතක් වීම නිසා ත්‍රිකුණාමලය රොහලෙන් කොළඹ ද සොයිසා රෝහලටට මාරු කිරීමෙන් පසුව කලලයට සති 28 ක් සම්පූර්ණ වී තිබීම නිසා සති 34 ක් දක්වා දැඩි වෛද්‍ය අධක්‍ෂණය යටතේ මව ද සොයිසා රෝහලේ නේවාසිකව සිටි බවත් මේ ආකාරයට ‘වැදෑමහක’ කලලය පිහිටි අවස්ථාවකදී දරුවෙක් බිහිකිරීමේදී මවගේ ජීවිතයට විශාල අවදානමක් ඇති බවත් වෛද්‍යවරු කියති.

ගැබිණි මව්වරුන් 30,000 කින් එක් අයකුට පමණ මෙවැනි දුර්ලභ කලල පිහිටීමේ සම්භාවිතාවක් පවතින බව ද කී වෛද්‍යවරු එහිදී මවට සහ දරුවාට ප්‍රසූතියකදී විශාල සංකූලතා ඇතිවිය හැකි බව සඳහන් කරති.