― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදැරියට තර්ජනය කළ හමුදා සෙබළාට ඇප

දැරියට තර්ජනය කළ හමුදා සෙබළාට ඇප

නිරුවත් වීඩියෝ දර්ශන සාක්‍ෂි ලෙස යොදා ගනිමින් දැරියකට තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මින්නේරිය කඳවුරේ යුද හමුදා සෙබළෙකුට අධිකරණය ඇප ලබාදී තිබේ.

රුපියල් 15,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුට ඇප ලබාදීමට අධිකරණය අවසර දුන්නේය.

නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝවක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරන බව පවසමින් කටුකස්තොට ප්‍රදේශයේ පාසල් සිසුවියකට තර්ජනය කළ හමුදා සෙබළෙකු මීට පෙරද අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම යුධ හමුදා සෙබළා දැරිය සමග සමාජ මාධ්‍ය හරහා මිත්‍රත්වයක් ගොඩනගාගෙන ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වුණේ. එම දැරිය හමුදා සෙබළාගේ ඉල්ලීම මත නිරුවත් වීඩියෝ ඇමතුමක් ලබාදී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මේ අතරතුර එම දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩියෝ පටයක් ලෙස සටහන් කරගත් එම හමුදා සෙබළා යළිත් එවැනිම ඇමතුමක් ගන්නා බවට තර්ජනය කළ බවත් එය ප්‍රතික්ෂේප කළහොත් එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරන බවත් ප්‍රකාශ කර ඇත.

අනතුරුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය හමුදා කඳවුරට දැනුම් දීමෙන් පසු සැකකරු පොලිසියට භාර දී ඇත. සැකකරුගේ සහ පැමිණිලිකරුගේ ජංගම දුරකථන විමර්ශන සඳහා පොලිසිය භාරයට ගෙන ඇත.

ඒ සැකකරු ඊයේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ ඔහුට ඇප මත යාමට අධිකරණය අවසර දී ඇති බවයි.

දරුවන් ජංගම දුරකථන ඇතුළු වෙනත් උපකරණ භාවිත කිරීමේදී දැඩි අවධානයෙන් සිටින ලෙසද ඔහු දෙමාපියන්ට උපදෙස් දුන්නේය.