― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපාසල් යාමට මහමඟ සිටි මවට හා දුවට සිදු වූ අපරාධය

පාසල් යාමට මහමඟ සිටි මවට හා දුවට සිදු වූ අපරාධය

වවුනියාව – මන්නාරම ප්‍රධාන මාර්ගයේ කන්නාට්ටි ප්‍රදේශයේදී අද (16) උදෑසන සිදු වූ අනතුරකින් මවක් හා දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පරයානන්කුලම පොලිසිය පැවසුවේ දරුවා උදෑසන පාසලට රැගෙනයාමට බස් රථයක් පැමිණෙන තෙක් මාර්ගයේ රැඳී සිටියදී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක ගැටී මොවුන් දෙදෙනා මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ අවුරුදු හයක් වූ දියණියයි. අනතුරින් පසු ලොරි රථය පළා යාමට උත්සාහ කළ අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් එය නවතා රියදුරු අල්ලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෝපයට පත් ප්‍රදේශවාසීන් ලොරි රථය පෙරළා ගිනි තැබීමට ද උත්සාහ ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. අනතුර සිදුකළ ලොරි රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරයානන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.