25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍රහාරය දා සේවය පැහැර හැරි සැරයන් සේවයෙන් දොට්ට

පාස්කු ප්‍රහාරය දා සේවය පැහැර හැරි සැරයන් සේවයෙන් දොට්ට

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ තමාට පැවරුණු රාජකාරිය ඉටු නොකිරීම හේතුවෙන් පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු අනුව විනය කඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා 12ක් යටතේ චෝදනා පත්‍රයක් අදාළ නිලධාරියාට ඉදිරිපත් කර තිබුණා.

එහිදී සියලුම චෝදනාවන්ට මුල් අවස්ථාවේදී ම වරද පිළිගත් බැවින් ඔහුව සේවයෙන් පහ කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් මෙලෙස තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා පෙරේදා (14) දිනයේ සිට සේවයෙන් පහ කිරීමටයි කටයුතු කර ඇත්තේ.