27.2 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැමිණිල්ලක් දාන්න ආ තරුණිය ගැබිණියක් කරලා

පැමිණිල්ලක් දාන්න ආ තරුණිය ගැබිණියක් කරලා

තරුණියක් ගැබිණියක් කළ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

මෙම තරුණිය පසුගිය පෙබරවාරි මාසයේදී පියාගෙන් සිදුවන කරදර සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට සිය මව සමඟ ගොස් ඇති අතර එහිදී මෙම සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා ඔවුන් හමුවේ පවසා ඇත්තේ කාන්තා පොලිස් නිලධාරිනියක් නොමැති බවයි.

ඉන් නොනැවතී එදින රැය පහන් වන තුරු ඔවුන් පොලිස් ස්ථානයේ රඳවා තබා ගැනීමට පොලිස් කොස්තාපල්වරයා කටයුතු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තරුණියගේ ජංගම දුරකථන අංකය ලබා ලබා ගත් පොලිස් කොස්තාපල්වරයා ඇයට ඇමතුමක් ලබාදී මුදල් හා පරිගණක ලබා දෙන බව පවසමින් කල්ලඩි ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් අඹු සැමියන් ලෙස හැසිරී ඇති බවයි තරුණිය පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

දැනට සති කිහිපයකට ඉහතදී ඇය ගැබ් ගෙන ඇති බව පොලිස් කොස්තාපල්වරයාට දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු ඇයව මඟ හැර ඇති අතර පසුව තරුණිය පොලිස් පොලිස්ථානයට පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඊට අදාළ විමර්ශන ඇරඹූ පොලීසිය කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.