27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැලවත්ත නගර මධ්‍යයේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කරයි

පැලවත්ත නගර මධ්‍යයේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කරයි

මතුගම පැලවත්ත නගර මධ්‍යයේ දී පුද්ගලයකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

අද සවස මෙම ඝාතනය සිදු වී ඇති බවයි මීගහතැන්න පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පැලවත්ත මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙක්.

පැලවත්ත නගර මධ්‍යයේ පිහිටි ඖෂධ ශාලාවක් ඉදිරිපිට දී කඩුවකින් මෙම පහරදීම සිදු කර ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ ඝාතකයා මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මීගහතැන්න පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන්නේ.