30 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපේරාදෙණිය විශ්ව විද්‍යාලය නැවතත් අංක එකට

පේරාදෙණිය විශ්ව විද්‍යාලය නැවතත් අංක එකට

පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය බවට නම් කොට තිබේ.

ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත කිරීම් අනුවයි මෙලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය අංක එකට තේරී පත්ව ඇත්තේ.

ඒ අනුව ටයිම්ස් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ අංක 01 විශ්වවිද්‍යාලය බවට පෙරදෙණිය විශ්වවිද්‍යාලය පත්ව ඇති අතර මෙවර පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ අංක 01 විශ්වවිද්‍යාලය බවට පත් වූයේ සිව්වැනි වරටයි.

ටයිම්ස් ලෝක ශ්‍රේණිගත කිරීම් මගින් උසස් අධ්‍යාපනයට ලොව සුදුසුම උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය වාර්ෂිකව සිදු කරන අතර එමගින් ලෝකයේ උසස් අධ්‍යාපන ආයතනවල විවිධ මෙහෙවරයන් හා සාර්ථකත්වයන් පිළිබඳ නිසි අවබෝධයක් ලබා දීම සිදු කරයි.