23.9 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපේරේ සිසුවෙකුත් ජීවිතය නැති කරගනී

පේරේ සිසුවෙකුත් ජීවිතය නැති කරගනී

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවෙකු විශ්ව විද්‍යාලය තුළදී ගෙල වැළලාගෙන මියගොස් තිබේ.

පේරාදෙණිය පොලීසිය පැවසුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු සඳහා යාපනය ප්‍රදේශයේ සිට පැමිණි සිසුවෙකු අද (16) පෙරවරුවේ ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඉංජිනේරු පීඨයේ සිසුන් රැඳී සිටින අක්බාර් ශාලාවේ ඔහු රැඳී සිටි කාමරයේ වැසිකිළිය තුළ ඔහු ගෙල වැළලාගෙන මියගොස් සිටියදී ඒ බව සිසුන් දැක විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට දැනුම් දී තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ පේරාදෙණිය පොලීසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.