29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමේ වෙලාවේ වාහන ආනයනයට ඉඩක් නෑ - සියඹලාපිටිය

මේ වෙලාවේ වාහන ආනයනයට ඉඩක් නෑ – සියඹලාපිටිය

මේ වනවිට රථවාහන ආනයනය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රුපියල යළි අවප්‍රමාණය වීම ඉල්ලුම සැපයුම මත ඇතිවූ සාමාන්‍ය තත්ත්වයක් වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ දවස් තුළ ඩොලර් මිලියන 75ක් 80ක් විතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඛනිජ තෙල් එකවැර මිලදී ගන්න අවශ්‍ය වුණා. ඔවුන් වෙළෙඳපොළෙන් මහ බැංකුවෙන් ගත්තා. ඒ අනුව ඩොලර් එක පොඩ්ඩක් ඉහළයන ප්‍රවනතාවයක් ඇති වුණා. අපේ රටේ සමහරුන් ඉන්නවා ඩොලර්වල ආයෝජනය කරන අය. ඔවුනුත් ඩොලර් මිලදී ගන්න පටන්ගත්තා. මෙන්න මේ දෙකේම බලපෑම තමයි රුපියල් 320 පැනලා ඩොලරයේ අගය ගියේ. අපි අයෙත් දැක්වා එක ඊයේ යළි රුපියල් 306 මට්ටමට ආවා. මේක අසාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. ඉල්ලුම සැපයුම මත ඇතිවන සාමාන්‍ය තත්ත්වයක්. අවශ්‍ය තෙල් සඳහා මුදල් වියදම් කරාම ඩොලර් මිලියන 75ක් 80ක් ගියාමත් අපේ ඩොලර් එකේ අගයට මේක බලපානවා. කෙටියෙන්ම කිව්වොත් මේ අවස්ථාව රථ වාහන ආනයනයට ඉඩක් ලබාදිය හැකි අවස්ථාවක් නෙමෙයි.”