29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියානු ගුවන් සේවයේ නියමුවෙක් කටුනායකදී ජීවිතක්ෂයට

රුසියානු ගුවන් සේවයේ නියමුවෙක් කටුනායකදී ජීවිතක්ෂයට

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවෙකු ඊයේ (15) රාත්‍රීයේ ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව කටුනායක පොලිසිය පවසනවා.

63 හැවිරිදි Dovgaienko Valerii නැමැති මෙම සහාය ගුවන් නියමුවා ඊයේ (15) රාත්‍රී 10.00ට පමණ ඔවුන් නැවතී සිටි කටුනායක, පීල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ‘ටැමරින් ට්‍රී’ නැමැති හෝටලයේ කාණුවකට ඇද වැටී මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම ගුවන් නියමුවාව මීගමුව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහි දී වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි. මෙම මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් විය හැකි බවට සැක කරන අතර මියගිය සහාය නියමුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) දින මීගමුව මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණා.

මෙම සහාය ගුවන් නියමුවා රාජකාරී කළ ගුවන් යානය අද (16) දහවල් 12.30ට කටුනායක ගුවන්තොටුපොළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යෑමය නියමිතව තිබුණා. කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට විමර්ශන කටයුතු සිදුකරනවා.