24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාමාන්‍ය පෙළ විභාගය ගැන ජනපතිගෙන් තීරණයක්

සාමාන්‍ය පෙළ විභාගය ගැන ජනපතිගෙන් තීරණයක්

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුවෙකුගේ සමත් අසමත් බව පරීක්ෂා කරනවාද එසේත් නැත්නම් වෙනත් ක්‍රමයකයට අනුව විභාගය පවත්වනවාද යන්න පිළිබඳව ඉදිරියේදී සලකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමිනි.

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ජාතික පාසල් හා බස්නාහිර පළාත් පාසල් සඳහා ගුරු පත්වීම් ලබාදීමේ ප්‍රධානෝත්ස්වය අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කොළඹ පැවති ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයිනේ සියලු පළාත්වල ගුරුවරුන් 7,342ක් සඳහා මෙලෙස අද පත්වීම් ලබාදීම සිදුකෙරිණි.