25 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews13ක් රෝහලට යැවූ බදුල්ලේ බස් අනතුර

13ක් රෝහලට යැවූ බදුල්ලේ බස් අනතුර

බණ්ඩාරවෙල – දියතලාව මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (16) උදෑසන අනතුරක් සිදුව තිබේ.

පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ 13 දෙනෙක් ප්‍රතිකාර සඳහා දියතලාව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි තොරතුරු වාර්තා වුණේ.

බස් රථ දෙකේම අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.