30.6 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකළුතර – පලාතොට ඝාතනයේ සැකකරු පොලිසියට කොටුවෙයි

කළුතර – පලාතොට ඝාතනයේ සැකකරු පොලිසියට කොටුවෙයි

කළුතර, පලාතොට, ගොඩපරගහහේන ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට සම්බන්ධ සැකකරු කළුතර, ගල්ලස්හේන ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී ඊයේ (17) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පෙරේදා (16) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව තිබූ අතර, මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි ගොඩපරගහහේන ප්‍රදේශයේම පදිංචි අයෙක්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ සැකකරු අතර වචන හුවමාරුවක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (18) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.