26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති රනිල්ගේ දැක්ම එංගලන්තය, ඇමරිකාව වැනි රටවල්වලට වඩා විශාලයි - වජිර

ජනපති රනිල්ගේ දැක්ම එංගලන්තය, ඇමරිකාව වැනි රටවල්වලට වඩා විශාලයි – වජිර

කඩා වැටුණු රට ලෝකයට ආදර්ශයක් දෙමින් ඉතා කෙටි කාලයකදී  ඔසවා තැබු රනිල්ගේ දැක්ම එංගලන්තය, ඇමරිකාව වැනි රටවල් වලට වඩා විශාල බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම සහ අක්මීමණ මැතිවරණ කොට්ඨාශ වල බලමණ්ඩල රැස්වීම් අමතා වජිර අබෙිවර්ධන මහතා මෙි බව පැවසීය.

වැටුණු ජාතියක් නැවත ගොඩ ගෙන  ලෝකයත් සමඟ ඉදිරියට ගෙනයන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වූ බවද අබෙිවර්ධන මහතා කීය.

රනිල් වික්‍රමසිංහ මහතා මීට වසරකට ඉහතදී මුලුමනින්ම කඩාගෙන වැටුණු රටක් බාර ගෙන ලෝකයටම ආදර්ශයක් දෙමින් නැවත නිවැරදි මාර්ගයේ රට ගමන් කරවමින් තිබෙන බවද වජිර අබෙිවර්ධන මහතා සඳහන් කළේය.