― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsප්‍රේම සම්බන්ධතාවයක් නිසා ඇති වූ ආරවුල දුරදිග යයි

ප්‍රේම සම්බන්ධතාවයක් නිසා ඇති වූ ආරවුල දුරදිග යයි

මුරුක්කන් පොලිස් වසමේ අච්චාන්කුලම් ගම්මානයේ දෙපිරිසක් අතර ආරවුලක් ඇති වී තිබෙනවා.

එම ආරවුල අතරතුර තුවාල ලැබූ පුද්ගලයෙකු නානාට්ටාන් රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇත.

මියගිය තැනැත්තා වයස අවුරුදු 25ක් වන අච්චන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

එම ප්‍රදේශයේ තරුණයෙකු හා තරුණියක් අතර තිබූ ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ආරවුල ඇති වී තිබෙන්නේ.

එම තරුණියගේ පියා ඇතුලු පිරිසක් විසින් එම තරුණයාට හා ඔහුගේ වැඩිමහල් සහෝදරයාට පහර දී ඇත.