25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපා පුවරුවෙන් ඇඳ වැටී මඟියෙකු ජීවිතක්ෂයට

පා පුවරුවෙන් ඇඳ වැටී මඟියෙකු ජීවිතක්ෂයට

කහවත්ත – පැල්මඩුල්ල කෝනාගම ප්‍රධාන මාර්ගයේ ඊයේ(17) උදෑසන ගොඩවෙල ප්‍රදේශයේ දී රත්නපුර දෙස සිට රක්වාන දෙසට ධාවනය වූ මහි බස් රථයකින් මගියෙකු ඉදිරි දොරටුවේ පා පුවරුවෙන් මාර්ගයට ඇද වැටී අනතුරක් සිදුවී තිබෙනවා

අනකුරින් බරපතල තුවාල ලැබූ මඟියා කහවත්ත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිපුර ප්‍රථිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මරණකරු වයස අවුරුදු 60 ක් වන පාතකඩ, පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදි ජූනි මස 26 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.