29 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,000 ඉක්මවයි

මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,000 ඉක්මවයි

වසරේ මේ දක්වා ගත වූ කාලසීමාව තුල මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට දැක්වෙන්නේ 2023 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු මරණ 26ක් සහ රෝගීන් 45,269ක් වාර්තා වී ඇති බවයි.

හමුවී ඇති ඩෙංගු රෝගීන්ගෙන් අඩක්ම බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රදේශ 60 කට අධික ප්‍රමාණයක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

පවතින තත්වය මත ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව රට පුරා ජනතාව දැනුවත් කිරීමේ සහ ඩෙංගු මර්දන වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට සාමූහික උත්සාහයක් දැරීමට සිදුව ඇති බවයි.

නිවාසවල පදිංචිකරුවන් සහ ව්‍යාපාරිකයන් තම පරිශ්‍ර පිරිසිදු කිරීමට දිරිගැන්වීමේ අරමුණින්, මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට නීතිමය පියවර ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.