26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවන අලියෙක් දරු දෙදෙනෙකුට පියෙක් අහිමි කරයි

වන අලියෙක් දරු දෙදෙනෙකුට පියෙක් අහිමි කරයි

මොරගොඩ – මහදිවුල්වැව ප්‍රදේශයේ දී අද (18) උදෑසන සිදු වූ වන අලි ප්‍රහාරයකින් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා අද උදෑසන තම නිවසේ සිට ගොවිපොළ දක්වා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බරපතළ තුවාල ලබා සිටි මෙම පුද්ගලයා කඩිනමින් යකල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ඇති අතර, රෝහල් ගතකරන අවස්ථාවේ දී ඔහු මියගොස් සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මහදිවුල් වැව රක්ෂිතය වටා විදුලි වැටක් පැවතිය ද එය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවත්, වනජීවී නිලධාරීන් ඇතුළු පනස් දෙනෙකුගෙන් පමණ යුතු කණ්ඩායමක් මෙම විදුලි වැට සඳහා යොදවා තිබුණ ද වන අලි නිරන්තරයෙන් ගම් වදින බවයි.

ගම්වාසීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිසි ප්‍රමිතියෙන් යුතු විදුලි වැටක් ලබාදීමටත් ඊට අවශ්‍ය නිලධාරීන් යොමුකරන ලෙසත් බලධාරීන්ගෙන් ගම්වාසීන් ඉල්ලා සිටිනවා.