― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකාවේ පවුලක මාසික වියදම ගැන අලුත්ම අනාවරණය

ශ්‍රී ලංකාවේ පවුලක මාසික වියදම ගැන අලුත්ම අනාවරණය

ශ්‍රී ලංකාවේ එක් සාමාන්‍ය පුරවැසියෙකුට මූලික ජීවන තත්වයක් පවත්වාගෙන යාම සඳහා මාසයකට අවම වශයෙන් රුපියල් 19,031ක් අවශ්‍ය වන බවට නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයක් විසිනුයි මෙම තක්සේරුව සිදු කර ඇත්තේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා රුපියල් 76,124ක් අවශ්‍ය වන බව එමගින් හෙළිවී තිබෙනවා.

2022 වසරේ දී හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මූලික අවශ්‍යතා සඳහා මසකට රුපියල් 63,820ක් අවශ්‍ය වූ බව එම වාර්තාව පෙන්වා දෙනවා.

පසුගිය වසරට සාපේක්ෂව මෙරට පවුල්වලින් සියයට 60ක මාසික ආදායම අඩුවී ඇති බවත් සඳහන්.

මෙම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පවුල් සිය මාසික ආදායමෙන් සියයට 50කට වඩා වැය කරන බවයි.